නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/කිතලගම කනිෂ්ඨ විද්‍යාලය

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන කලාපයේ තිහගොඩ කොට්ට්ටසයේ පාසලකි. මාර/කිතලගම නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය.
අප පාසල සිසුන් 350 ට වැඩි පිරිසක් සිටින 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඉගෙනුම ලබන පාසලකි.
තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල විශිෂඨ ප්‍රතිඵල ලබා තිබෙන අතර එම විෂය ධාරාවෙන් නිර්මාණය කරන ලද පාසලේ වෙබ් පිටුව සක ස්කිරීම අපට මහගු ආශිර්වාදයකි.එමගින් පාසලේ සිසුන්,ගුරුවරුන්,දෙමාපියන් හා සුභ පතන්නන් අතර අන්නෝන්‍ය සබදතාවය ඉහල නැංවීමට එය හේතු සාධක වේ.
අප පාසල ලක්බිම් තුල ඉහලටම ඔසවා තැබීමට අප කාගේත් අවශ්‍යතාවයයි. අ.පො.ස.(සා.පේ) ප්‍රතිඵල වලට අනුව අප පාසල තිහගොඩ කොට්ටාසයේ පාසල් අතරින් ප්‍රමුඛ ස්ථානය ලබාගැනීමට ද සමත් වී ඇත.2022 දී සමස්ථ ලංකා පාසල් තබලා වාදන තරගයේ දී ප්‍රමුකස්ථානය ලබා ගැනීමට අප පාසලට හැකියාව ලැබුණි.අප පාසල දිගින් දිගට ම වීම මාගේ පැතුමයි.
නියෝජ්‍ය විදුහල්පති,
මාර/කිතලගම කනිෂ්ඨ විද්‍යාලය