පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
- අත වැලමිට ළඟන් අංශක 90 නැමූ විට යට බාහුව හා කමිස අතේ කෙළවර අතර අඟල් 1/4 පරතරයක් තිබිය යුතුය
- සාක්කු ලාංඡනය රූපයේ පරිදි විය යුතුය
- තනි මැස්ම විය යුතුය.
- කමිසය සිරුරට තද නොවන සේ තැබිය යුතුය.
- කලිසමේ යට වාටිය අඟල් 6 1/2 ක් විය යුතුය. එතැන් සිට ඉහල පහල වැඩිවිය යුතුය.
- එක පැත්තක රැලි දෙකක් තිබිය යුතුයි.
- ''Belt loops'' නොතිබිය යුතුය
- තනි මැස්ම විය යුතුය.
- පිටුපස සාක්කු එකක් පමණක් විය යුතුයි.
- කළු මේස් පැළඳිය යුතුයි.
- පාසලට ගැලපෙන පරිදි කළු සපත්තු පැළඳිය යුතුයි.

ගැහැණු ළමුන්
- පාසල් ලාංඡනය සුදු ගවුමේ වම් පැත්තේ මැදට වන්නට අල්ලා තැබිය යුතුයි
- කාර විවරය හා ඇඳුමේ පටිය හාක්ක හෝ ටික් බොත්තම්වලින් ඇල්ලිය යුතුයි.
- අතේ වැලමිටට සමාන්තරව සුදු ගවුමේ ඉණ තැබිය යුතුය.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු ගවුමේ තැබිය හැකි රැලි සංඛ්‍යාව එක් පැත්තකට පහකි.
- ගවුමේ පටිය අඟල් 11/4 ක් පළලට තිබිය යුතුය.
- දණහිසට වඩා පහලට සුදු ගවුම ඇඳිය යුතුයි. (බිම දණ ගසා ඇඟ කෙළින් තැබූ විට වාටිය බිම ගෑවිය යුතුය)
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
