ආරම්භක අවස්ථාවේ මෙම විද්‍යාලය සමාගම් පාසලක් විය.මුලින්ම මෙම පාසල කිතලගම බදු කොරටුව නම් ස්ථානයේ (මාතර කබුරුපිටිය මාර්ගය අසල)පාසලට සමාගම් මඩුවයැයි පවසන ලදී.පාසලේ සිසුන් වයස් බේදයකින් තොරව පන්තිවල ඉගැනීම් කටයුතු කර ඇත.
පාසල ආරම්භ කිරීමට මුල් වුයේ කිතලගම ගංවත්ත රාජපක්ෂ යාපා පවුලේ මුලිකත්වයෙනි.මුලින්ම පාසලට අයත්ව තිබූ ඉඩම බාරොන් රාජපක්ෂ යාපා මහතාට අයත් විය.එහි මුල් ගුරුවරයා මැනේජර් නමින් හදුන්වන ලදී.මුලින්ම විදුහල්පති ඩී.ඊ.ජයසිංහ මහතාය.
බදු කොරටුව නැමති ස්ථානයේ ආරම්භ කළ පාසල 1948 ගං වතුරට යටවී කැඩීයාම නිසා ගොළුගේ වත්ත ගෙදරට ගෙනයන ලදී.මෙම කාලයේ දෙවරු පාසලක් ලෙසට පවත්වා ඇති අතර දිවා ආහාර ලෙස බත් පාසලෙන් සපයන ලදී.බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස ද නම් කර තිබූ මෙම පාසල ගොලුගේ වත්ත මහ ගෙදරින් දැනට පාසල පවතින ඉඩමට ගෙනෙන ලදී.එහිදී මුල්ම ශාලාව පොල් අතු සේවිලි කර ගොම මැටි ගෑ බිමකින් යුක්ත විය.මෙම ඉඩමද රාජපක්ෂ යාපා පවුලට අයත් විය.මෙම කාලය වන විට පාසල කිතලගම ජාතික පාසල ලෙස හදුන්වන ලදී.
මෙම පාසල රජයට පාවරා ගන්නා අවස්ථාවේදී මෙම ඉඩම පොඩි රාජපක්ෂ මහාතාට අයත් වූ අතර එය කැමැත්තෙන් රජයට පවරා දෙන ලදී.
පසුව එම විදුහලේ සිසුන් සිසුන් සංඛ්‍යාව ඉහල ගිය අතර ශීග්‍ර දියුනාවකට පත්විය.1970 දී එවකට පැවති රජය මගින් දැනට පැවතින දෙමහල් ශාලාව හා ක්‍රීඩා පිටිය පිහිටි කොරනේලිස් රාජපක්ෂ යාපා මහතාට හා ප්‍රේමාවෝ රාජපක්ෂ යාපා යන අයට අයත්වූ ඉඩම රජයට පවරා ගන්නා ලදී.
1927 දී සිසුන් 132 ක් පමණ අධ්‍යාපනය ලැබූ මෙම පාසල 1955 වන විට සිසුන් 344 ක් දක්වා වැඩිවිය.1961 වන විට සිසුන් 310 ක සංඛ්‍යාවක් වූ අතර 1963 වනවිට එය 299 ක් දක්වා අඩු විය.1966 වන විට සිසුන් සංඛ්‍යාව 249 දක්වා තව දුරටත් අඩුවිය.1971 දක්වා දෙවරු පාසලක් වූ මෙම පාසල 1971-07-16 දින සිට තනි වරු පාසලක් බවට පත් විය.
මෙසේ සිසුන් සංඛ්‍යාවව අඩු වෙමින් පාසල පවත්වා ගෙන ගොස් ඇති අතර 2003 මැයි මස 17 වන දින දකුණු පළාත ගිල ගත් මහා ගං වතුර හේතුවෙන් දින 03 ක් පාසල සම්පුර්ණයෙන් ම යටවී ඇති අතර පාසල තුළ බොහෝ බෞතික සම්පත් මෙන්ම වටිනා කාර්යාලිය ලිපි ලේඛන විනාශ වී ඇති බව පැහැදිලිය.

|
ආරම්භ කළ වර්ෂය |
1927 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩි.ඉ. ජයසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩි.ආර්. යාපා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/කිතලගම කනිෂ්ඨ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පොලොතුගොඩ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1927 |
{QF3=5}